රළක සිරි වැනුම .......
රළ ඉපිලෙන සිරි ගවසන නිරිඳාන
වත සුපිපෙන පිරි උවනත දිටිවාන
නද කරවන තත් නලවන පවනාන
හිත සරසන මත් වෙනතැන සොබවාන
වරල් සතර අත දිලෙනා සුකුමාල
පුළුල් උකුළ සිරි ගන්වන දියතාල
සිහිල් නැබේ රස කලතන රුවනාල
පලල් අතොර නෑ සීමා වෙරළාල
විසල් මොනර රූ ලලනා රුවැත්තී
කලල් නොවන දහරෙකි රන් උරත්තී
ලකල් තවර මොනවට ඈ වනත්තී
රැකල් සෙමර සලනා මන පිනත්තී
පැහේ හදේ තෙරපෙන ආලේ මනරම්
වදේ වගේ බැඳෙනා මී වද අගනම්
පදේ රසේ මොනවට ගැහෙනා කරණම්
නඟේ බලන් කවියක ගෙතෙනා ලියකම්
උරච්චියේ රස පොවනා අකුරු රසේ
තලච්චියේ සඳුනගෙ තුරු කඳක ගැසේ
හලච්චියේ ඉහිරෙන පිනි කැකුලු වැසේ
වනච්චියේ පද ගලපන විරිත යසේ
වත සුපිපෙන පිරි උවනත දිටිවාන
නද කරවන තත් නලවන පවනාන
හිත සරසන මත් වෙනතැන සොබවාන
වරල් සතර අත දිලෙනා සුකුමාල
පුළුල් උකුළ සිරි ගන්වන දියතාල
සිහිල් නැබේ රස කලතන රුවනාල
පලල් අතොර නෑ සීමා වෙරළාල
විසල් මොනර රූ ලලනා රුවැත්තී
කලල් නොවන දහරෙකි රන් උරත්තී
ලකල් තවර මොනවට ඈ වනත්තී
රැකල් සෙමර සලනා මන පිනත්තී
පැහේ හදේ තෙරපෙන ආලේ මනරම්
වදේ වගේ බැඳෙනා මී වද අගනම්
පදේ රසේ මොනවට ගැහෙනා කරණම්
නඟේ බලන් කවියක ගෙතෙනා ලියකම්
උරච්චියේ රස පොවනා අකුරු රසේ
තලච්චියේ සඳුනගෙ තුරු කඳක ගැසේ
හලච්චියේ ඉහිරෙන පිනි කැකුලු වැසේ
වනච්චියේ පද ගලපන විරිත යසේ