සුනිල් පෙරේරා - ලින්කන්ෂයර් - එංගලන්තය

2024 ජුනි කලාපය

රහස රකිමී....

පොකුණු දියමත සැඳෑවේ
රොන් බිඳක් සෙවු වෙලාවේ
ඇරයුමක් ලද විලාසෙන්
දිටිමි ඔබ විල් තලාවේ

දිනකර සමුගෙන යද්දී
අවුරා ඔබෙ පෙති අතරේ
සිරකරුවෙක් කළාද මා
මගෙ ආදර නෙලුම් මලේ

මදු කෙමියක රස සිත්සේ
විඳින්න මුලු රැයක් පුරා
මා තරමට පින් කර ඇති
අන් බඹරෙකු විය හැකි දෝ

හිනැහෙද්දී ඔබ හිරු හා
පහසින් මිදුනෙමි උදයේ
නොකියමි විඳි සුව රහසේ
මධු සොරුන්ට ගුම් නගනා
View Poem