රත නොරත........
තිඹිරි ගෙයත් සුසානයත්
අතර ගලන දියෙකි දිවිය
සරල ඉරකි සමහරුන්ට
වෙනස් නොවී ඔහේ ගලන.
පිපෙන මලකි සුවඳ සදන
දිවිය විටෙක සිටින ලොවේ
එහෙත් එයම පිපෙන පරව
යන කුසුමක් විලෙස සිතේ.
හිනැහෙන තරු පාය දිලෙන
නිල් අහසකි දිවිය අපේ
එයම තවත් විටෙක සිතේ
ගෙවෙන එකම රැයක් ලෙසේ.
නුබ ගැබ දිලෙනා සඳ වත
සිහින රැසක් මවයි සිතේ
එයම දුලි වලින් පිරුණු
ලොවක් විලෙස නෙතට ගැටේ.
අතර ගලන දියෙකි දිවිය
සරල ඉරකි සමහරුන්ට
වෙනස් නොවී ඔහේ ගලන.
පිපෙන මලකි සුවඳ සදන
දිවිය විටෙක සිටින ලොවේ
එහෙත් එයම පිපෙන පරව
යන කුසුමක් විලෙස සිතේ.
හිනැහෙන තරු පාය දිලෙන
නිල් අහසකි දිවිය අපේ
එයම තවත් විටෙක සිතේ
ගෙවෙන එකම රැයක් ලෙසේ.
නුබ ගැබ දිලෙනා සඳ වත
සිහින රැසක් මවයි සිතේ
එයම දුලි වලින් පිරුණු
ලොවක් විලෙස නෙතට ගැටේ.