රජ තුමා වෙත යන ගැමියා සිදු කරන පැමිනිල්ල
වනන්තරේ මහ හෙලක් පත්ලට ඇද වැටී
මහත් කෝපයට පත් ගමේ දඩයක්කාරයා
එම කඳු වැටිය කපා දමන්නට සැරසෙයි
තවත් අයද ඊට පොලඹවන්නට තනයි
දිවිය පුරා කෙතෙක් වෙහෙසී වෑයම් කළත්
එවැන්නක් කල නොහැකි බව මා කී සැනින්
ඔහු මහට උමතුවෙන් මෙන් පහර දුනි
මේ ඉතා දරුණු මිනිසා හික්ම විය යුතු බවත්
නොපමාව නිසි දඬුවම් පැමින විය යුතු බවත්
පැමිනිලි කර සිටින්නට අවසර මහ රජ තුමනි
👑👑👑
විමතියට පත් වන්නට උවමනාවක් නැත
මා නුඹේ ගමට පැමිනියෙමි තවුස් වෙස් ගෙන
පිරික්සා විමසා බලන්නට කරුණු කාරණ
චූදිතයාහට සවන් දීමෙන් අනතුරුව
නව මාවත තැනිය යුත්තේ මා බව පසක් විය
මහට මා පිලිබඳව පමණක් නොව
නුඹ පිළිබඳවද ඉමහත් ලැජ්ජාවක් ඇති වින
දඩයක්කාරයා මා හා පොරොන්දු වූ විලස
දේව කාරිය මෙන් නුඹටද කැප විය හැකි නම්
යම් වැදගත් වගකීමක් පැවරිය හැකිය
16.06.2025
මහත් කෝපයට පත් ගමේ දඩයක්කාරයා
එම කඳු වැටිය කපා දමන්නට සැරසෙයි
තවත් අයද ඊට පොලඹවන්නට තනයි
දිවිය පුරා කෙතෙක් වෙහෙසී වෑයම් කළත්
එවැන්නක් කල නොහැකි බව මා කී සැනින්
ඔහු මහට උමතුවෙන් මෙන් පහර දුනි
මේ ඉතා දරුණු මිනිසා හික්ම විය යුතු බවත්
නොපමාව නිසි දඬුවම් පැමින විය යුතු බවත්
පැමිනිලි කර සිටින්නට අවසර මහ රජ තුමනි
👑👑👑
විමතියට පත් වන්නට උවමනාවක් නැත
මා නුඹේ ගමට පැමිනියෙමි තවුස් වෙස් ගෙන
පිරික්සා විමසා බලන්නට කරුණු කාරණ
චූදිතයාහට සවන් දීමෙන් අනතුරුව
නව මාවත තැනිය යුත්තේ මා බව පසක් විය
මහට මා පිලිබඳව පමණක් නොව
නුඹ පිළිබඳවද ඉමහත් ලැජ්ජාවක් ඇති වින
දඩයක්කාරයා මා හා පොරොන්දු වූ විලස
දේව කාරිය මෙන් නුඹටද කැප විය හැකි නම්
යම් වැදගත් වගකීමක් පැවරිය හැකිය
16.06.2025