වෛද්‍ය ඉන්ද්‍රාණි රත්නායක පුංචි බොරැල්ල

2022 නොවැම්බර් කලාපය

රකිමු අපි අපේකම -

මහිමි සම්බුදු පද ලකුණ ගෙන ඇති සමන්ගිර මුදුනතෙහි
සිට
කැළණි, මහවැලි,කළු ද වලවේ ගලයි තුන් සිංහලය සරු
කොට
බෙදයි දියකඳ, ගෙනෙයි රොන්මඩ, පොහොර දෙයි යල මහට
කදිමට
පුරයි අටුකොටු, නිවයි කුසගිණි, වඩියි සිරිකත සිංහලේ
ගෙට

ගලන ගංගා තුලට නැහැ නොවැ එදා වස හරවමින්
යැව්වේ
වැඩුන අස්වනු තිබුණි සරුවට නැහැනෙ රට පොහොරකට
ගෙව්වේ
කපන කුඹුරෙන් ගොඩට ගියෙ බැත, වැටුනු තැන තැන කරල්
හෙව්වේ
දුගියෙකුය, උහු බත ද, තැන තැන කුරුලු කුසගිණි එයයි
නිව්වේ

ඇත්ත ඇති සැටි කියන්නේ මේ කවුරුවත් නෑ සිටියෙ නැහි
නැහි
අත්තමට හැම වැඩම කෙරුණා ගොයම කැපෙනා තුරුම
කුඹුරෙහි
ගත් දෙයින් අටුකොටු ද පුරවා බුදුන් දෙවියන් පිදුව හැටි
මෙහි
අත්ව සතුටක් සිතට රිංගයි අනේ ඒ හෙළ දරුවො දැන්
කොහි

සරල සුගම ව කරන ගොවිතැන නිතර දුන්නේ රටට
සෙතමයි
වරද කාගෙද ටැට්ටරේ තෙල් පසට එකතුව අනෙ
අඳෝමැයි
කරට බැඳි නගුලත් අදිද්දිම දැමුව ගොම්පස් පොහොර ලෙස
මයි
සැරට දැමු රට පොහොර, තෙල්වල රැඳුනෙ පිළිකා දෙන
ගුණේමයි

රජ රටේ අනෙ අපේ ගොවියන් වකුගඩුව දැන් නැතිව
ඉන්නේ
ඔවුන් වෙනුවෙන් තමයි රජයෙන් වෙනම රෝහල්
බිහිකරන්නේ
පැරණි ගොවිකම කෙරුණෙ කොහොමද මදක් තතු විමසා
බලන්නේ
එතැන ඇති මේ රටට විසඳුම එයයි අප මින්
ගොඩදමන්නේ
View Poem