අනුරුද්ධ වැලිගමගේ මිසිසාගා - කැනඩාව

2024 අගෝස්තු කලාපය

යළිදු ලංව ඔබ ළඟ හැංගෙන්න හිතෙනවා

කතා නොකර හිටි දවසට
මුහුණ හංග ගත් හවසට
ඔබ මා ළඟ ඇති දුර
කල්ප කාලයක් සේ සිතට දැනෙනවා
සත්තයි හිතට හැගෙනවා

ගව් සියක් ගෙවා අවසන
ගෙපැල අද්දරම ඇතිවිට
යොදුනක දුර මහ දුරකැයි සිතට දැනෙනවා
ගව් ගණනක දුරක් ලෙසින් හිතට දැනෙනවා

එලිය පිරුණු පසළොස්වක
සඳ තරු පිරි රෑ යාමෙක
නැති මිහිරක් අඩ සඳ තනි තරුව මවනවා
යළිදු ලංව ඔබ ළඟ හැංගෙන්න හිතෙනවා
View Poem