යළිත් ලං වෙමු අපී...
සකුණ සංධ්වනියක්
පවන් රැල්ලක ගැටී
සමනලුන් ඉගිල්ලෙන
හැටි කදිම නැටුමකී
පලා පැහැ තැවරුනත්
නිම්නයක දුර ඇතී
ලිහිණි හඬකින් මිදී
යාම වුව රිදුමකී..
කියා ගන්නට බැරිව
සිතේ සිරවී ඇතී
ආත්මය රිදුම් දෙන
සිතිවිලිත් බොහොමෙකී
විඩා අමතකව යන
සිනා දහරක ගිලී
නිවී සැනසුන සිතක්
තනිකමෙන් ඉකි බිඳී..
නවාතැන් බොහෝ ඇත
ඉසිඹු ලන්නට හැකී
නමුදු එකමෙක සිහිල්
සෙවනක් ය අරුමැතී
හද කීරි ගස්වනා
මියුරු තනුවක එතී
තවත් එක් සුයාමෙක
ආවොතින් ඒ ඇතී..
ක්ෂිතිජ ඉම තනි වෙලා
ධ්‍යානයට සමවැදී
නොදුටුවෙද කතරකත්
මල් පිපී තිබු හැටි
අසිරිමත් වසන්තය
යළි යළිත් එනු ඇතී
එතෙක් වෙන්වී හිඳිමු
ප්‍රේමයට සමු නොදී..
හුස්මක් වගේ දැනෙන
හැඟීමක සුව රැඳී
අපි අපෙම වූ තරම්
කිසිවෙකුත් දන්නැතී
ලොවම නිසසල පැයක
සිහිනයක වත් රැඳී
හාදුවක සුව විඳිමු
ඇහි පියන් යටට වී..
මතක මල් පෙති ලිහී
ගියත් සුසුවඳ රැඳී
සිත් වසඟ කරවනා
හැඟුමකිය අරුමැසී
දෑස් රැහැනින් වෙලී
සියොලඟම සලිත වී
සසර හුරුවට බැඳී
යලිත් ලං වෙමු අපී..
පවන් රැල්ලක ගැටී
සමනලුන් ඉගිල්ලෙන
හැටි කදිම නැටුමකී
පලා පැහැ තැවරුනත්
නිම්නයක දුර ඇතී
ලිහිණි හඬකින් මිදී
යාම වුව රිදුමකී..
කියා ගන්නට බැරිව
සිතේ සිරවී ඇතී
ආත්මය රිදුම් දෙන
සිතිවිලිත් බොහොමෙකී
විඩා අමතකව යන
සිනා දහරක ගිලී
නිවී සැනසුන සිතක්
තනිකමෙන් ඉකි බිඳී..
නවාතැන් බොහෝ ඇත
ඉසිඹු ලන්නට හැකී
නමුදු එකමෙක සිහිල්
සෙවනක් ය අරුමැතී
හද කීරි ගස්වනා
මියුරු තනුවක එතී
තවත් එක් සුයාමෙක
ආවොතින් ඒ ඇතී..
ක්ෂිතිජ ඉම තනි වෙලා
ධ්‍යානයට සමවැදී
නොදුටුවෙද කතරකත්
මල් පිපී තිබු හැටි
අසිරිමත් වසන්තය
යළි යළිත් එනු ඇතී
එතෙක් වෙන්වී හිඳිමු
ප්‍රේමයට සමු නොදී..
හුස්මක් වගේ දැනෙන
හැඟීමක සුව රැඳී
අපි අපෙම වූ තරම්
කිසිවෙකුත් දන්නැතී
ලොවම නිසසල පැයක
සිහිනයක වත් රැඳී
හාදුවක සුව විඳිමු
ඇහි පියන් යටට වී..
මතක මල් පෙති ලිහී
ගියත් සුසුවඳ රැඳී
සිත් වසඟ කරවනා
හැඟුමකිය අරුමැසී
දෑස් රැහැනින් වෙලී
සියොලඟම සලිත වී
සසර හුරුවට බැඳී
යලිත් ලං වෙමු අපී..