මොහන්දිරම් දයාරත්න බලංගොඩ

2025 අප්‍රේල් කලාපය

යසෝදරා සිත

ගෝර සසර තුල සොයනට නිවන අමා.
පාරමිතා ගුණ පුරමින සිරස නමා
බාරි වුවද හැම බවයෙම නැතුව පමා
සාර කල්පයෙදි තනිකම ලදිමි මෙමා.

පැතු අයුරටම අතහරිමින යසෝදරා
සතුටින ඉන්න බුදුපදවියෙ රසේදරා
අසු කන්තකව කරගනිමින නඩේගුරා
හිමි වනගතවුනා මහදෙහි තොසේමරා.

නානා රූප රාජිණියන් වගෙ ගැහැණු
මානාගෙන රාග සිතිවිලි තුල මුහුණු
බාදා සියලු බිදලන්නට කළ පුහුණු
පෝදා ගියේ මගෙ තිබුනද ගති දුහුණු .

මේලෙස පැමිණි විටඑකතුව සසර දිගේ
නෑ කිසි පලක් රජ බිසවගෙ ලැමක රඟේ
බෑ ඉවසන්න පාලුයි දිවි ගමන මගේ
බෝ සතුටක් කෙහෙද සිදුහත් දකිනු වගේ.

ගස් අතරෙ රැඳවෙද්දි සඳකිරණ නිකැලැල්.
ගං ඉවුර සිපගත්තෙ නිරතුරුව දියරැල්.
මන් අසල සෙවනැල්ල ලෙස තිබුන මනලොල්.
දැන් කොහෙද මගෙ කුමරු ඇවිලෙනව ගිණිදැල්.

දැවි දැවි තිබෙන මොහොතක රුදු ලෙසින් ලැම.
තෙමි තෙමි නිතර සදහම් සිසි ලසින් අම
දාන දින සුගුන වඩවන අදහසින් තම.
බිඳ බිඳ සුදු කරමි එන සිත් සතන් හැම.
View Poem