යන්නම ගිහින්
ගී කියන්නට එබෙන උදයට
කුරුළු රෑනක් හැදෙනවා
ඒ අසිරියට සුවඳ දෙන්නට
පුංචි මල්පොඩි පිපෙනවා
පා තබන්නට ගලන ජලමත
ගැඹුර කොහොමැයි හිතෙනවා
පාවගිය අත්වැලේ හයියට
හිතට තනිකම දැනෙනවා
අළුත් ඇරඹුමෙ සිරි දකින්නට හිතට සවියක් ගන්නවා
ගෙවුන සුන්දර මතක සටහන් මනසෙ නිතරම තියෙනවා
යන්න ගමනක් දිරියගෙන තව පුංචි සවියක් ලැබෙනවා
හිතක පතුලෙම හඬා වැටෙනා කඳුළු තමත් රිදෙනවා
ගෙව්ව දිවිමග කටුකොහොල් මැද
කෙම්බිමුත් ඇති හමුවෙලා
ඔබගෙ දිවියම කැපවුනා අප නංව ලන්නට වෙහෙසිලා
දිනුව ජයකනු අසල නැවතී
බලන්හිටි ඔබ සිහිවෙලා
උණුම කඳුළක් රටා අඳිනව
රැකවරණෙ ඔබෙ දැවටිලා
අතින් අතගෙන සංසාරෙ දිග ආවහැටි හිත කියනවා
නිහඬ ආදරෙ පිළිසරණෙ මට තවම දිරියව දැනෙනෙවා
යන්න තවදුර ඔබගෙ හෙවනත් ලැබෙන බව මම දන්නවා
දෙවිඳු අබියස රැකවරණ ලැබ ඉන්න මම සුබ පතනවා
සමුදෙමින් ඔබ පිටව ගියමුත්, නියත දම ඒකම වෙලා
කුසුම් පුදනව දුන්න ජීවෙට
අපි හැවොම අද එක්වෙලා
මෙවන් දිනයක් ලඟම එනබව
ඉඟිකළා ලඟටම වෙලා
හදට රිදවුන කඳුළු බිඳුවක්
ආත්මයෙ මගෙ හිරවෙලා,
Photo credit; Philip Myrtorp