ශ්‍රියානි උඩගංගොඩ - මහනුවර

2025 ජුලි කලාපය

යථාර්තය

මියැදුනත් වසන්තය
නොදැනීම යම් දිනෙක
හැළුණු මල් පෙති රැදෙයි
මතකයේ මග දෙපස
කොළ හැලි අතු ඉතිරි
සෙවන දුන් ගස් වලට
මුල් රැදුන පොළව නිති
ලැබදේවී රැකවරණ
සුළි සුළං වැහි කෝඩ
ළග නැමෙන තුරු වදුල
සෙවණ දෙන අයගෙ වත
සොයනු නැත කිසිම දින
යමක් දේ නම් දිනෙක
ඔබෙන් මේ ලෝකයට
සොබාදම ඔබට දෙයි
ඔබ ලොවට දුන් විලස


මහනුවර

Photo Credit; Adam Bixby
View Poem