එම්.එම්.ඩී.මනම්පේරි බළන්ගොඩ

2025 මාර්තු කලාපය

මොණරකොල

රන් කහවනු වලට ළැදිව
උනා දමා පත්තිනි සළු
අම්බපාලි වීදියෙ යන
රෑ කුමාරියේ,

ලුංගියෙ ඇති වර්ණ රටා
විදුලි පහන් යට මතුකොට
නිසා යමේ දෙනෙත් වසා
ඇදෙන සාවියේ,

කුංකුම චන්දන සුවඳට
සළෙළු ඇවිත් රොනට රෑට
කාසි දෙද්දි ඇස් ඇරපන්
රෑ මනාළියේ,

බිළිඳු සිහින ගඟේ ගිහින්
ඊට උඩින් නොක්කු යාවි
නිසල නිම්නයෙන් එහාට
බොර දිය වතුරේ,
View Poem