ශර්මිලා බන්දුනි දන්වත්ත

2024 ඔක්තෝබර් කලාපය

මේ ලිපිය නුඹටමයි........

මේ ලිපිය නුඹටමයි
සිනහවක් අලවා
ලිපිනයක් නොලියා
තැපැල් කල
මේ ලිපිය නුඹටමයි

ඉන්න තැන නොදන්නාමුත්
මේ පුංචි බිම්කඩේ
කොහේ හෝ
නුඹ ඇතැයි සිතමින්
හද පෙරා ගරාගත්
හොඳම පද අමුණමින්
ලියාගත් මේ ලිපිය නුඹටමයි

නුඹ අහන්නට බලා සිටි
මම කියන්නට බලාසිටි
ඒ රහස මෙහි ඇතී
ප්‍රේමයට අකුරු හතරක් උනත්
හදවතම මිරිකා
ඒ අකුරු ලියා ඇති

ආපසු ලිපිනයක්
ඇවසී නොසිතමී
සඳ තරු උනත්
මම ඉන්න තැන
දන්නවා ඇතී
View Poem