සරෝජනී දිල්රුක්ෂි පෙරේරා

2025 අගෝස්තු කලාපය

මේ තරම් කවි කුමට...

ශ්වේත, ලා නිලට හුරු වළාකුළු පැහැයට
ඉඳුදුන්න, රිවිකිරණ, වැටෙන වැහි කඳුලට
පිටු ගණන් පද පේළි ලියැවුණත් අහසට
අහස නුඹ හරි දුරයි, මම ඉන්න පොළවට

මල් සුවඳ එකතුකර අතහරිමි සුළඟට
පාවයන අරුම කිම කළුවර ම අහසට
අමාවක දා රැයෙහි සඳ නැතත් තනියට
කවියෙකුට තනි නැතිලු දිළෙන විට තරුකැට

කුරවියන් ගී ගයන, මල් පිපෙන, උදයට
මඳ සුළඟ සුව විඳින හරිත තුරු නැටුමට
ආදරේ බෙදනු මිස සුව සදන පොළොවට
මේ තරම් කවි කුමට දුර තියෙන අහසට
View Poem