මේ අතරින් ම පියුමන් සුපිපේය දුලා...........
දුව දුව මුවන් පසු පස තවමත් හැල්මේ
සවි බල තියෙන උන් ඇත දඩයම් බැල්මේ
දෙසු දෙසු දහම් දිව රෑ රැවු දේ කැල්මේ
ගෙන යන වපුල පින් පවු නොරැදේ ඇල්මේ
වට පිට නිතින ගැටීමකින් ආ කඳුල
වත මත රැඳුන විඩාවකින් පෑ තැවුල
සත සිත දවන සොබාවකින් රූ බහුල
අත හැර නොගෙන පමාවකින් වී අවුල
ගැටෙන බිදෙන ගති මත හිත තිගැස්සූ
බියෙන වෙළෙන දන මන නිති පිළිස්සූ
පවක පිනක ඇති නැති බව නොරිස්සූ
කවර කලෙක බව දුක ගැන හගිස්සූ
සැලෙනා පහන් සිළු සේ දිවි ලබාපූ
හමනා සුළං අත කොයි දැයි හොයාපූ
අඳුනා කෙලෙස් ගිණි මෙය යැයි කියාපූ
මිඳුනා මිනිස් දිවි ලද ඵල නෙලාපු
වපුරණු පිණිස සිත් කමතේ ඵල උදෙසා
සඳනා කපා මුළ සිඳ දැලි හේනක සකසා
රැක බැඳ කඩුළු වලකා එන හැම කෙළෙසා
නිති පැල් රැකුම ගෙන ඒ විපතම වනසා
මර සෙන් ඒ ය මහ වැසි ඟං වතුර ගලා
නියඟය විපත් දේ රැකි සැම දූලි හලා
අලි මුව ගෝන රැළ වනසයි කමින් උලා
මේ අතරින් ම පියුමන් සුපිපේය දුලා
සවි බල තියෙන උන් ඇත දඩයම් බැල්මේ
දෙසු දෙසු දහම් දිව රෑ රැවු දේ කැල්මේ
ගෙන යන වපුල පින් පවු නොරැදේ ඇල්මේ
වට පිට නිතින ගැටීමකින් ආ කඳුල
වත මත රැඳුන විඩාවකින් පෑ තැවුල
සත සිත දවන සොබාවකින් රූ බහුල
අත හැර නොගෙන පමාවකින් වී අවුල
ගැටෙන බිදෙන ගති මත හිත තිගැස්සූ
බියෙන වෙළෙන දන මන නිති පිළිස්සූ
පවක පිනක ඇති නැති බව නොරිස්සූ
කවර කලෙක බව දුක ගැන හගිස්සූ
සැලෙනා පහන් සිළු සේ දිවි ලබාපූ
හමනා සුළං අත කොයි දැයි හොයාපූ
අඳුනා කෙලෙස් ගිණි මෙය යැයි කියාපූ
මිඳුනා මිනිස් දිවි ලද ඵල නෙලාපු
වපුරණු පිණිස සිත් කමතේ ඵල උදෙසා
සඳනා කපා මුළ සිඳ දැලි හේනක සකසා
රැක බැඳ කඩුළු වලකා එන හැම කෙළෙසා
නිති පැල් රැකුම ගෙන ඒ විපතම වනසා
මර සෙන් ඒ ය මහ වැසි ඟං වතුර ගලා
නියඟය විපත් දේ රැකි සැම දූලි හලා
අලි මුව ගෝන රැළ වනසයි කමින් උලා
මේ අතරින් ම පියුමන් සුපිපේය දුලා