මෙන්න කතන්දර
ඔන්න අලුත් අවුරුද්ද ලබන්නට මාසයකුත් නැතුවා
ඉස්සර බාලෙදි වෙච්ච කතන්දර තාම මතක් වෙනවා
කන්නට බොන්නට ඉන්න හිටින්නට ඇද්ද? තවත් මොනවා
දැන් අද කාලෙට මේව ප්‍රබන්දනෙ උන්ට හිනා යනවා
මල් ඇති මල් නැති මල් රෙදි ඉස්සර යාරෙ පනම් හතරයි
අම්මට නැන්දට පුන්චි කුඩම්මට ඔන්න මඟුල් එතනයි
නංගිට ගන්න රබාන දකිද්දිම අයියට නම් තරහයි
යන්නෙ බළල් අත හැංගි හොරාම රතිඤ්ඤ වැලක් වෙතටයි
ඉස්සර නම් අපි බක්කි කරත්තෙක තෑගි අරන් එනවා
අත්ත මහප්ප කුඩප්ප හැමෝටම විස්කි ගෙනත් දෙනවා
ගෑණු ලමිස්සියො කුස්සියෙ පැත්තෙම ජින්ජි බියර් බොනවා
අම්මප දැන් මට ඒ සිහි වෙද්දිම ඉස් මොළ රත් වෙනවා
අව්වෙ දමාන තළන්නෙ රබානට මල් විසිවෙන්න පදත්
ගෑණු කොහෙත් නැගිටියිද සැකයි අය අත්ලෙහි පට්ට ගියත්
මේව ඉතින් පෙර පුස්කොළ පොත්වල වත් නැති තාලෙ පුවත්
කන්න විටක් හෙම ගන්නකො හෙප්පුව ඇත්තෙ කියන්න තවත්...