අනුරුද්ධ වැලිගමගේ මිසිසාගා - කැනඩාව

2025 අප්‍රේල් කලාපය

මෙදා අවුරුද්ද ...........

කොහාට ගන්නට දීලා අවුරුද්දට නිවාඩුවක්
රේඩියෝවෙ කොහා හඩයි පැය කාලෙන් කාලෙට සැරයක්
කඩ කැවුමේ රතු පාටින් තිබුණත් හිත ගත් පිරියක්
ගණන් හින්ද මට තියෙනවා පොල්තෙල් ගැන මහ සැකයක්

ගමට ගියත් දැන්නම් නැහැ හරි සිංහල අවුරුද්දක්
TV... එක පෙන්නනවා ගමේ තියෙන අවුරුද්දක්
පොරපොල් පංචිත් ඔංචිලි අවුරුදු ක්‍රීඩා වල වෙනසක්
බනිස් කෑමෙ ෆොටෝ එකක Caption... එක අවුරුද්දක්

ළමයින්ටත් බිසී කියල එවලා නෝනා ඩිලිවරියක්
කෑම පාර්සලේ තියෙන්නේ පිලිකා කාරක තොගයක්
මහගෙදරම පාළු වෙලා දරුවන් නැති විට අඩුවක්
Phone.... එකට හිනාවෙලා කථා කරමු තව දවසක්
View Poem