මෙතෙක් නොකී කතාවක්
තුංග සමනල සිරස පාමුල සීත ගඟුලක් ගලනවා
කන්ද අතහැර සිසිල බෙද බෙද හිමින් පහළට බහිනවා
බැන්ද මුදු පෙම ඉතින් අවසන් කනට රහසින් කියනවා
හැන්දැ වෙනකොට කන්ද මුදුනෙන් හීන් ඉකියක් ඇහෙනවා
තාරුකා එළි හිමින් ඇස් ඇර හොරෙන් වාගේ බලනවා
පායනා සඳ ළඟම තිබුනට තනිකමක් හිත පෙළනවා
ගායනා ගැලු ජල තරඟ නැගි හදවතට ගිනි පිඹිනවා
පාවෙනා මුදු මිහිදු සළුවක් වෙළි වෙළී දුක අහනවා
කාට කාටත් හිමි අහිමි බව උරුමයක් වී තියෙනවා
සාදු ස්වරයෙන් සුළඟෙ මුසුවුණ බුදු බණක හඬ ඇහෙනවා
ආයිමත් හිත හදාගත්තම කන්ද දොරගුළු අරිනවා
පාට පාටින් අලුත් දවසක් අහස් ගඟ මත ගෙතෙනවා
Photo Credit: Chamika Jayasri