අනූ දෙල්තලාව ජෙරුසෙලම - ඊශ්‍රායල්

2025 ජුනි කලාපය

මෙත් මඟ සොයා යමු..

ලෝ සත වෙතට සෙත සැදුවේ බුදු මඟය...........
පාපෙට බර උනොත් ගැලවෙන අය හිඟය..........
ඒ යන සැමගෙ සසරේ ගමනද දිගය....................
තුන් සිත පැහැදි කල නිවනේ දොර ලඟය............

සිත් මල පව් බරින් පුරවා ගෙනාව..
අත් හැරදමා මෝහය නම් ඉනාව..
නිර්මල දහම දැක පෙන්වා හිනාව..
සෙත් සිරි ගුණෙන් පෙරටම යමු මනාව...

සූරිය පැමිණි සේ කළුවර තිරය ඉරන්..
ජීවයෙ වෙලුන අකුසල මුල් කරමු තුරන්..
ගෝතම මුනිඳු දෙසු දහමම සිතේ දරන්..
මෙත් මඟ සොයා යමු හරිදේ තුරුළු කරන්..


ජෙරුසෙලම
ඊශ්‍රායලය
View Poem