මුදු බඳ
මුදු මදනල සිප එන සුදු මුදු කිතිය
හද විල මත කලතයි මන දොළ රිසින
සුදු මුදු අතක රැඳි දැඩි බව විදින
සුර අඟනක් සුව විඳි ආදර පවස
විඳ සැනසුණු පපුවක පිරි රුදු බවින
කොඳ මල් කිනිති පිබිදිණි අවාරෙක
ලද මුදු උණුහුමක විඳි පවසක සිහිල
විඳි පසු කුමට තුත්තිරි ගෑවුණු වටොර
ගිනි ගත් විටක ඉඟ සුඟ ගත හැකි මිටින
රලු අතැඟිලි ඇත සුර ලොව මවන
ඉඩ ලද විටෙක විඳි සුව ගැන වස් දොඩන
මුව රද කමල පිපි හසඟන සුර ලොවක
හද විල මත කලතයි මන දොළ රිසින
සුදු මුදු අතක රැඳි දැඩි බව විදින
සුර අඟනක් සුව විඳි ආදර පවස
විඳ සැනසුණු පපුවක පිරි රුදු බවින
කොඳ මල් කිනිති පිබිදිණි අවාරෙක
ලද මුදු උණුහුමක විඳි පවසක සිහිල
විඳි පසු කුමට තුත්තිරි ගෑවුණු වටොර
ගිනි ගත් විටක ඉඟ සුඟ ගත හැකි මිටින
රලු අතැඟිලි ඇත සුර ලොව මවන
ඉඩ ලද විටෙක විඳි සුව ගැන වස් දොඩන
මුව රද කමල පිපි හසඟන සුර ලොවක