සරෝජනී දිල්රුක්ෂි පෙරේරා

2025 පෙබරවාරි කලාපය

මුණුපුරාගේ පැතුම

වරා මල් පාවෙලා අපේ ගමටත් යන්න
විහඟුනේ තුඩින් ඒ වරා මල් අහුලන්න
ගම්මැද්දෙ හුදකලා මහ ගෙදර ඇති,යන්න
අත්තම්මා හමුවෙලා ඇයට ඒ මල් දෙන්න

ඇගේ මසවුළු රසයි නුඹට දෙයි, පිළිගන්න
රස කතාවක් කියයි, කන ගමන් අහගන්න
හිස සිඹින විට නුඹේ වැළඳගෙන, විඳගන්න
ආදරේ බලාපන්, කෙනෙක් නෑ සසඳන්න

වගතුගත් අසයි ඈ, මගේ දුක නොකියන්න
මා නොමැති අඩුව නම් නුඹට බෑ පුරවන්න
ඇගේ මුදු වදන් ළඟ හිතුනොතින් නවතින්න
විහඟුනේ නැවතියන්, එපා පිටගම් යන්න
View Poem