ඩී. අමරසිරි ගුණවර්දන නවසීලන්තය

2025 පෙබරවාරි කලාපය

මිහි මව් තුරුලේ

දාහයක වේදනා දරාගෙන සිටින නුඹ

මා සිතට වද දෙමින් දිවා රෑ එබෙන විට

නැගෙනවා මතකයට කුඩා කල ගම සරස

ගලා ගිය උල්පතක නැටූ ඉස්ගෙඩි රෑන



වියලි පොළවක මියෙන දඟකාර ගෙඹි පැටව්

නගන වියරුව අහස බලා ඉන්නේ දුකිනි

නිල'ඹරේ සැඳෑ කල වියලි දළු කොළ හඬන

දුකින් සඳ සැඟවේය රුක් වදුළු අතු පතර



නිමක් නැති මිනිස් දම් වියලමින් හරිත සුව

පියා සළමින් ඇදෙයි වේගයෙන් අනන්තෙට

විහඟ ගී කොවුල් නද හීනයක් වී රැඳෙයි

කොල මල්ද කන්ටේනර් පුරවලා එන කලක



ගඟ ගලයි ඉතිරිලා මන්දිර ද මඩ පැහැය

හඬ තලන දන සමග බිය ජනක සිතුවිලිය

මිහිතලය මත දෙවිඳු අඳින සිතුවම මකන

කළු පැහැති කනත්තකි විසිරිලා යක් මුහුණු
View Poem