මිහින්තලා අසිරිය,
අම්බස්තලා බිම පුරා
බුදුරැස් මවාලා
පෝදා පොසොන් සඳ යළිත්
කිරණින් පහන් වී
ලක් බිම් තලේ සිරි සරින්
ඔපවත් කළා වූ
සද් දම් දෙසූ අනුබුදුන්
මහිමේ කියා දේ,
වත් සත් සිරිත් මග කියා
කරුණා දයාවෙන්
රාජාභිසේක කරවා
රජුටත් ඔවාදී
ලක් බිම් තලේ නිවැසියන්
දහමේ සතප් වා
පිංසාර මීඳු තෙරිඳුන්
තැනු මං උදාරයි,
වාරාණසී මිග වනේ
සිහි ගන්නවාලා
පංසල් විහාර කරවා
මුළු ගම් දනව් හී
පස් පව් වලින් බැහැර වූ
නැණසින් ගුණෙන් යුත්
සම්භාවණීය ජය සෙන්
සැදි පිං බිමයි මේ,
දා ගැබ් තැනූ අඩවියේ
මහ වැව් පිරීලා
කෙත් වත් සිරින් දිදුලනා
සරුසාර භූමී
සිල්පාදියෙන් විදු නැණින්
පිරිපුන් පිරිස් මැව්
මෙත් සිත් වඩා අනු බුදුන්
සිරසා නමා මී,
බුදුරැස් මවාලා
පෝදා පොසොන් සඳ යළිත්
කිරණින් පහන් වී
ලක් බිම් තලේ සිරි සරින්
ඔපවත් කළා වූ
සද් දම් දෙසූ අනුබුදුන්
මහිමේ කියා දේ,
වත් සත් සිරිත් මග කියා
කරුණා දයාවෙන්
රාජාභිසේක කරවා
රජුටත් ඔවාදී
ලක් බිම් තලේ නිවැසියන්
දහමේ සතප් වා
පිංසාර මීඳු තෙරිඳුන්
තැනු මං උදාරයි,
වාරාණසී මිග වනේ
සිහි ගන්නවාලා
පංසල් විහාර කරවා
මුළු ගම් දනව් හී
පස් පව් වලින් බැහැර වූ
නැණසින් ගුණෙන් යුත්
සම්භාවණීය ජය සෙන්
සැදි පිං බිමයි මේ,
දා ගැබ් තැනූ අඩවියේ
මහ වැව් පිරීලා
කෙත් වත් සිරින් දිදුලනා
සරුසාර භූමී
සිල්පාදියෙන් විදු නැණින්
පිරිපුන් පිරිස් මැව්
මෙත් සිත් වඩා අනු බුදුන්
සිරසා නමා මී,