මිරිස් මලේ රොන
( අ.පො.ස. / සා.පෙ. විද්‍යාව ප්‍රශ්න පත්‍රයෙහි ඇතුළත් වී තිබුණු මිරිස් මලෙක සිරස් කඩක රූප සටහනක් ඇසුරින් වූ ව්‍යුහගත පැනයේ එක් කොටසකට උචිත පිළිතුර, මගේ පන්තියේ නාගරික සගයෝ අනුමාන වශයෙන් හෝ නො දත්හ. නමුදු, පාසල ඇරුණු පසු පිටකොටුවට අවුත්, ගමට යාමට ඇති ඊ ළඟ බස් රිය එන තුරු ගිනි අවුවේ, කුස්ගින්නේ වේලෙමින් කාලය මරා, හැම දිනක ම පාහේ සවස හතර හමාර ආසන්නයේ නිවෙසට පැමිණ ගෙවත්තේ බෝග වගාව නඩත්තු කරන මම, මිරිස් රොනෙහි මිහිරි රස හඳුනාගෙන සිටියෙමි.) ……..
පරිස්සමට
මිනිස්සුනේ
මිරිස් මලක්
නිරික්සුවොත්
සිරස් කඩක්
තිරස් කඩක්
හරස් කඩක්
ඇවිස්සුවොත්
මිරිස් මලෙත්
රොනක් වෙතැයි
නුඹත් දකියි
පිරික්සුවොත්.
බයයි නොවෙද
මිරිස් රොනට?
කටත් දිවත්
පිළිස්සුවොත්!
“මිරිස් මලෙහි
පැනිත් වෙතිද?”
නුඹත් දසන්
විලිස්සුවත්
මිරිස් මලට
ඇවිත් වහන
පිරිස් බඹර
හැගිස්සුවොත්
උනුත් කියයි
උරන්ට පෙර
කියන්ට ඉඩ
සැලැස්සුවොත්
“අපිත් එයි ද
ඇවිත් බොයි ද
රොනත් පැනිත්
මිරිස් වුවොත්!”...........,
Photo Credit Pepper Joe
පරිස්සමට
මිනිස්සුනේ
මිරිස් මලක්
නිරික්සුවොත්
සිරස් කඩක්
තිරස් කඩක්
හරස් කඩක්
ඇවිස්සුවොත්
මිරිස් මලෙත්
රොනක් වෙතැයි
නුඹත් දකියි
පිරික්සුවොත්.
බයයි නොවෙද
මිරිස් රොනට?
කටත් දිවත්
පිළිස්සුවොත්!
“මිරිස් මලෙහි
පැනිත් වෙතිද?”
නුඹත් දසන්
විලිස්සුවත්
මිරිස් මලට
ඇවිත් වහන
පිරිස් බඹර
හැගිස්සුවොත්
උනුත් කියයි
උරන්ට පෙර
කියන්ට ඉඩ
සැලැස්සුවොත්
“අපිත් එයි ද
ඇවිත් බොයි ද
රොනත් පැනිත්
මිරිස් වුවොත්!”...........,
Photo Credit Pepper Joe