H.P.චමින්ද ජයවර්ධන

2025 ජුලි කලාපය

මියුලැසී

පාළු දැනෙනවද
සිතට නුඹේ මේ..
මැදියම් රෑ මැද.. කාන්සියේ...
මන්දාරම් වැහි
කෝඩෙක දැවටී ..
හෙමිහිට එනවද මියුලැසියේ.....

නෙතු නිදිබර නෑ
නුඹ මසිතට විත්..
ඉහ ඉද්දර නෙතු සිඹින පැයේ....
පායා ඇවිදින්
සනසාපන් මා...
පුර සඳ සේ මේ නිසල රැයේ.....

වැහිබිඳු වැටුණට
කවුළුව අද්දර ..
නුඹ මා ලඟ ඉන්නව වාගෙයි ....
සියුමැලි අතැඟිලි
තවරා මුව මත...
තුරුළු වෙයන් මට හරි සීතයි....

සීතල අතැඟිලි
තත් පිරි මැදුනම..
ඇසුනේ නුඹෙ කිංකිණි රාවෙයි....
හෙමිහිට මුමුණා
සිත බැඳි සෙනෙහස ...
නුඹට ගයන්නට හරි ආසයි ......

- චමී -
❤️

Photo Credit: Guilherme Coelho
View Poem