මිණ
වෙන්වී ගිහිල්ලත් කී වසරක් ද අනේ
ඉන්නේ කොහෙද කියලයි හිත රිදෙන පැනේ
තුන් තිස් කෝටියක් දෙවියන් සිටින තැනේ
උන් කිසිවකින් පිහිටක් නැති ලෙසක් පෙනේ
සිටිමින් වසර ගානක් එක ළඟට වැදී
ලැබදුන් ආදරය කොතරම් වුණත් මදී
පෙර පින් දෙතොත් වරමක් යළි ලබන විදී
මම ඉන් වැඩක් ගමි දී සේසතම රිදී
එනවා තමයි දවසක් අප හැමට යන
දිවියේ එයයි නියමය දේ කළත් මොන
නැතිවී තියෙයි නෙක දේ ආදරේ වුණ
අම්මා තමයි නැතිවුණ මිල වැඩිම මිණ
ඉන්නේ කොහෙද කියලයි හිත රිදෙන පැනේ
තුන් තිස් කෝටියක් දෙවියන් සිටින තැනේ
උන් කිසිවකින් පිහිටක් නැති ලෙසක් පෙනේ
සිටිමින් වසර ගානක් එක ළඟට වැදී
ලැබදුන් ආදරය කොතරම් වුණත් මදී
පෙර පින් දෙතොත් වරමක් යළි ලබන විදී
මම ඉන් වැඩක් ගමි දී සේසතම රිදී
එනවා තමයි දවසක් අප හැමට යන
දිවියේ එයයි නියමය දේ කළත් මොන
නැතිවී තියෙයි නෙක දේ ආදරේ වුණ
අම්මා තමයි නැතිවුණ මිල වැඩිම මිණ