රුවන් ඩී අළුබෝමුල්ලගේ

2025 පෙබරවාරි කලාපය

මැටිල්ඩා ගීතය හෙවත් රිච්මන් කාසල් වලප

ප්‍රේමයේ මනරම්
නෑඳිනිමි ඔබගෙන්
ගඟ ගලා යන්නේ නම්
නවතම්ද මා කෙළෙසින්

කළු ගඟට තේරෙන් නෑ
මේ මැදුරෙ ඇස් කන් නෑ
අසංවේදියි ඔබේ ප්‍රේමය
රිදුම් දැනවුම් නෑ

ධන බලය නිළතල සංගතයි
අසංගත ආදරයමයි
මට යන්න හිමියනි අවසරයි
මේ මැදුරෙ සැප අපුලයි දුකයි

රුවන් ඩී
අළුබෝමුල්ලගේ
View Poem