මාවත ලියක
සැඩ හිරු දුරට ගොස් අඳුරුව යමින් තියේ
කැඩපත මුහුන සඟවයි ඇගෙ සිහින පැයේ
විදුලිය කපා ඇත හැඹිලිය හිස්ව තියේ
වැහි ඇය වෙලා ඇත අද කොහි යන්ද බියේ
සිහින පුරයෙ තිබුනත් රන් රිදී පිරී
සිඟිති ලියන් සුරතල් බස් නීතඹ සිරි
සිහිව දළඹු කෙඳි ගැවෙයි සිතම ඉරි
සිහින ලොවත් දැන් වේලි යන්න බැරි
අඳුර කපන හිරු රැස් මෙහි නොගලාය
ලොවම වෙලා ගෙන රත්රන් වලාය
රන් සළු පොලව වහගෙන හිරු වසාය
රන් බඳ ඇති ලියන් අඳුරේ නුරාය
කුසට ගිනි දැනේ ඉවසනු බැරීම වෙලේ
දුකට පිහිට වුණි වියපත් අයෙක් පිලේ
කුමට දන් පතක් දුන්නෙ ද ඇසුව වෙලේ
මහට දුකම හිතුනේ විලි වසන් කලේ
කැඩපත මුහුන සඟවයි ඇගෙ සිහින පැයේ
විදුලිය කපා ඇත හැඹිලිය හිස්ව තියේ
වැහි ඇය වෙලා ඇත අද කොහි යන්ද බියේ
සිහින පුරයෙ තිබුනත් රන් රිදී පිරී
සිඟිති ලියන් සුරතල් බස් නීතඹ සිරි
සිහිව දළඹු කෙඳි ගැවෙයි සිතම ඉරි
සිහින ලොවත් දැන් වේලි යන්න බැරි
අඳුර කපන හිරු රැස් මෙහි නොගලාය
ලොවම වෙලා ගෙන රත්රන් වලාය
රන් සළු පොලව වහගෙන හිරු වසාය
රන් බඳ ඇති ලියන් අඳුරේ නුරාය
කුසට ගිනි දැනේ ඉවසනු බැරීම වෙලේ
දුකට පිහිට වුණි වියපත් අයෙක් පිලේ
කුමට දන් පතක් දුන්නෙ ද ඇසුව වෙලේ
මහට දුකම හිතුනේ විලි වසන් කලේ