දීප්ත ප්‍රනාන්දු - ඉතාලිය

2025 අප්‍රේල් කලාපය

මාවත් ගැනපියව්

මැනලා පනින මනරම් දඬුලෙන් පිනුමේ
පිල් විදහලා රඟදෙන මොණරගෙ නැටුමේ
වඳ්‍රරා රිලවා ගෙනදුන් සතුටක අරුමේ
මැකිලා මතක වත්තට ආ උන් ගැණුමේ

වනසාලමින් කැලයේ අසිරිය සිතුසේ
පෙරලාදමන් ගස්වැල් ගිණිදා රුදුසේ
කෙළෙසාලමින් සොබදම් මව තුමු රිසිසේ
මිනිසා විසින් කළ පව් පළදී මෙලෙසේ

නුඹලගෙ දහන හෙළිකරලයි අපි හැදුනේ
නුඹලගෙ නිවෙස් අප නිවසට දැව ඉරුනේ
නුඹලගෙ අහර වනසා ගොවිබිම් වැඩුනේ
නුඹලයි සතුරො අවසානෙදි වන සතුනේ

එකෙකුගෙ ගොදුරවී තවෙකෙකු මිය ඇදුනේ
වන හරණයෙන් එහි තිබු තුළනය බිඳුනේ
දැන් වැඩි වෙලා වනසති නොකියා යකුනේ
වගකිව යුත්තො දෙපයිනි ගැනගව් ඉතිනේ
View Poem