සෝමබන්ධු කොඩිකාර මෙල්බන් නුවර

2024 ජුලි කලාපය

මහ මුහුද අභියස

දිගු ගමන අවසන
හිදියි ගග සයුර අභියස
බියෙන් තැතිගෙන ඇත
ගිල ගන්නේය සයුර
තව මොහොතකින්.

නැතිවෙයි නදියට තමන්
තව එක් මොහොතකින්
එයයි කාරණ තැති ගැන්මට
කෙලෙසටවත් නොහැකිය
හරවන්නට ගමන් මග

‘බිය නොවන් ම’මිතුර
නැති නොවේ ඔබ, ඔබ හට
කුඩා ගග වෙනුවට
වන්නේය ඔබ මහ සයුර
තවත් එක මොහොතකින්’


මෙල්බන් නුවර
(ඛලීල් ජිබ්‍රාන් ගේ සිතිවිල්ලකි)
View Poem