ලයනල් ගමගේ ඌරුමුත්ත

2023 ජුලි කලාපය

මහාචාර්‍ය සුනිල් ආරියරත්නයන් වෙත

සුනිල අහසට නැගුනෙ සුනිල ගී පද රටා
මතකයට හිතේ ඇත රහසෙ ඇඳි රූ රටා
සිනමා ව නවකතා ගේය කවි කෙටිකතා
තව ම රස මී හැඟුම් වදන් ඇත දිව වටා

පුස්තකාලෙට වදී ඔබේ ගී රස කතා
පොත් රාක්කය පුරා රසික කැළ දිනපතා
ජාති ආගම් බේද කුල වාද නො සලකා
සාහිතට පණ දුන්නෙ ඔබේ පන්හිඳ තමා
View Poem