මංගලා රත්නායක වැලිමඩ

2024 අගෝස්තු කලාපය

මස්සිනාට ආදරෙයි ..

සුසුමන් හෙළමි බලමින් කැණි මඬල දෙස
හැඟුමන් බරව සෙනෙහෙන් ඔබ දෙඩුව බස
පැතුමන් ළඟදි මනමත් වූ පහසෙ රස
රිඳුමන් ගෙනෙයි හදවත මතකයක උස

හිමි අහිමිකම් දරා නොබලාම හිඳ පස්ස
ඉමි මගෙ පාඩුවේ කඳුලු බී රැය දවල්වන රිස්ස
ගමි හිතට වීරියක් ළඳක ලෙස ඇති යස්ස
මගෙ ළයේ ගිණි නිවයි ඇදහැලෙන මහ වැස්ස

ගියෙ ආවෙ හැමතැනම අපි දෙන්නමයි එකට
ඉනු මැනව තබාගෙන මෙය මතකයේ හොඳට
නොබැන්දට මුතුමාල ගෙනවිල්ල මගෙ ගෙලට
තවම හරි ආදරෙයි. මම මස්සිනෙ නුඹට
View Poem