මම වෙමි පාසලේ මව්බස ගුරුවරිය
මඳනල සමග සිසිළස දෙන ගැමි සිරිය
නැණ පහදවා දෙන යහමඟ දිවි සැරිය
සිසු දරුවනගෙ මනසට සලසන දිරිය
මම වෙමි පාසලේ මව්බස ගුරු වරිය
තිබුණට කොතෙක් අගහිඟකම් දෙගුරුනට
අර පිරිමසා නොදැනෙන ලෙස දරුවනට
පොල්සම්බෝල මුසුකර රස බත් කටට
පොතපත පෑන පැන්සල ගෙනදුනි අතට
සුවපිරි පන්ති කාමර නැතුවට අපිට
පාසල් බිමේ තැන තැන ඉදගෙන යසට
පරිසර සුවය විඳිමින් දිරි ගෙන සිතට
එහෙනම් ගනිමු දැන් මව්බස පොත අතට
සුපුපුණු කුසුම් ලෙස හිනැහෙන මුහුණු දැක
පාඩම් පොතේ පිටු පෙරලමි එකින් එක
දස්කම් තිබෙනවා සැමටම නැතිය සැක
දරුවනි වෙන්න මතු දින පල දරන රුක
-ක්වේට්
නැණ පහදවා දෙන යහමඟ දිවි සැරිය
සිසු දරුවනගෙ මනසට සලසන දිරිය
මම වෙමි පාසලේ මව්බස ගුරු වරිය
තිබුණට කොතෙක් අගහිඟකම් දෙගුරුනට
අර පිරිමසා නොදැනෙන ලෙස දරුවනට
පොල්සම්බෝල මුසුකර රස බත් කටට
පොතපත පෑන පැන්සල ගෙනදුනි අතට
සුවපිරි පන්ති කාමර නැතුවට අපිට
පාසල් බිමේ තැන තැන ඉදගෙන යසට
පරිසර සුවය විඳිමින් දිරි ගෙන සිතට
එහෙනම් ගනිමු දැන් මව්බස පොත අතට
සුපුපුණු කුසුම් ලෙස හිනැහෙන මුහුණු දැක
පාඩම් පොතේ පිටු පෙරලමි එකින් එක
දස්කම් තිබෙනවා සැමටම නැතිය සැක
දරුවනි වෙන්න මතු දින පල දරන රුක
-ක්වේට්