වෛද්‍ය ශ්‍යාම කුමාර මුණසිංහ - කොල්චෙස්ටර් - එංගලන්තය

2025 ජුලි කලාපය

මන්දාරම

මන්දාරම් නුවර මන්දාරම ගෙදර
මන්දාකිනිය ඇයි මේ වැහිකළු අතර
කැන්දා ඇතත් හැම දේ මහමෙර විතර
මන්දා කිමද හිරිකඩ අතරින් පතර

උදේ නිවස සමුගෙන යන අයට ඔබේ
හදේ සතුට සැනසුම ඕනෑව තිබේ
ළිඳේ වතුර මෙන් සෙනෙහස ගලන ඉබේ
හඳේ එළිය මෙන් බැබළෙයි ගගන ගැබේ

මතයක එරී ඒ මත්තෙම උරණ වෙවී
යන එක නසයි ජීවිත හැම දෙසට නැවී
ඇකයක හොවා ආදරයෙන් කියන කවී
දෙහිතක ඉදිරි මග සුන්දර කරන අවී

Photo Credit:Andres Molina
View Poem