චමින්ද ලියනගේ බලංගොඩ

2024 අගෝස්තු කලාපය

මනමේ හමුවක පවසන වගනම්,,,

මනමේ සොයමින් වන පෙත සරණා
මග තොට මුව මුව සරදම් අසුණා
ගිනි ගත් මා සිත ඇති තතු නොදැනා
තෙපලන දොස් ගැන නැත සිත උරණා,

අකුරෙහි රැඳුනත් එක ගුරු ගෙයි හිඳ
අබියස හමුවක බිණු බස් කොහි වෙද
සරණෙක බැඳුනත් පිය රද කී ලෙද
තනිවම හමු උනෙඔහු මට වන මැද,

එලමින් තිබුණත් ගහ වැල සැරසිළි
මතු උනෙ වන මැද බියකරු සිතුවිලි
මනමේ කුමරුන් පිදුවත් හසරැළි
ඇසු ඇසු දේටත් නැගුවෙම මැසිවිළි,

හැඩි දැඩි වැදි රජ නපුරුව දුටු සඳ
අසිපත ගිලිහුණි සිහිසුන් වර යැද
තනිවම යමි මම මේ රැදු වන මැද
මනමේ හමුවක පවසමි නිවරද,
View Poem