මනමෙ
අඳුරු වලා තුළ දිලිසෙන අකුණ ලෙස
පඳුරු තුළින් දැක තේජස පිරුණ ඇස
අසුරු සැණින් වසඟව යන කුමරි දෙස
කුමරු බලා හිටියා කඩු කොපුව පිස
ලොවක ශිල්ප දක්වා ගුරුපියන් වෙත
දුවක දිනාගත් ප්‍රීතිය මතක ඇත
අහක යන ලෙඩක් ගත්ත ද උරිස් මත
හිතක පෙමක් ඇය ළඟ ගෑවිලා නැත
යළිත් දිනෙක වැදිරජ මුණගැසුණ කල
ඇයත් හොඳින් දැයි ඇහුවා කුමරු බල
පයත් පොළොවෙ ගස්සා හිස පහත් කළ
කිසිත් නොකී වැද්දා දිවගියා බොල
පඳුරු තුළින් දැක තේජස පිරුණ ඇස
අසුරු සැණින් වසඟව යන කුමරි දෙස
කුමරු බලා හිටියා කඩු කොපුව පිස
ලොවක ශිල්ප දක්වා ගුරුපියන් වෙත
දුවක දිනාගත් ප්‍රීතිය මතක ඇත
අහක යන ලෙඩක් ගත්ත ද උරිස් මත
හිතක පෙමක් ඇය ළඟ ගෑවිලා නැත
යළිත් දිනෙක වැදිරජ මුණගැසුණ කල
ඇයත් හොඳින් දැයි ඇහුවා කුමරු බල
පයත් පොළොවෙ ගස්සා හිස පහත් කළ
කිසිත් නොකී වැද්දා දිවගියා බොල