මතක සිත් අහසේ කොටා..........
ඉරේ රැස් හා සිහින මිටි කර
කළු වළාවක හංගලා
අකුණු ගසනා අනෝරාවක
වාවනුම බැරි වැහි හලා
උතුරු එළි වන් රුසිරු කැටයම්
මතක සිත් අහසේ කොටා
ස්වප්න මංසල දොරටු අබියස
ඉඳුසැවී නුඹ හිනැහුණා
අසනි නින්නද විජුලි ඝර්ජන
මවා ඉසිබුව කළඹවා
අසුරු සැනෙකින් පෑයු ක්ෂණයට
අදිසි මානෙක සැඟවුණා
ඉ
02/06/25
කළු වළාවක හංගලා
අකුණු ගසනා අනෝරාවක
වාවනුම බැරි වැහි හලා
උතුරු එළි වන් රුසිරු කැටයම්
මතක සිත් අහසේ කොටා
ස්වප්න මංසල දොරටු අබියස
ඉඳුසැවී නුඹ හිනැහුණා
අසනි නින්නද විජුලි ඝර්ජන
මවා ඉසිබුව කළඹවා
අසුරු සැනෙකින් පෑයු ක්ෂණයට
අදිසි මානෙක සැඟවුණා
ඉ
02/06/25