මතක බණවර අහවරයි
මතක බණවර අහවරයි
මතකයම තවමත් නුඹ ළගයි
මේ භවය දැන් බෝ දුක්බරයි
යළි හමුවෙතැයි හදවත කියයි
හමුවුණොත් අපි හැදින ගන්නට
හැකිද අම්මේ මට සිතෙයි
කටුක දිවි මග සුමට කෙරුමට
නුඹ හෙළු දහඩිය පොදී
මතින් පිබිදෙන විටදි පොඩි ගස්
නොදැක ඒ හැඩ නුඹ නිදී
ගංගොඩේ දුව පැනපු මතකය
එල්ලිලා නුඹෙ ඇඟිල්ලේ
මිහිඳුමක් සේ ගලාවිත්
බණ අහද්දිත් හිත ඉගිල්ලේ
නිවන බෝ දුර නොවේවායයි
අවසනේ පැතුවත් හදින්
ගමන තුල යළි හමුනොවේයැයි
නොසිතමී අප කිසි ලෙසින්
යළිත් දවසක හමුව පෙර සේ
සසර මග මව් පුතු පෙමින්
අම්මෙ කිය කිය ඇවිද එන්නම්
සිඹිනවද මගෙ හිස සෙමින්
මතකයම තවමත් නුඹ ළගයි
මේ භවය දැන් බෝ දුක්බරයි
යළි හමුවෙතැයි හදවත කියයි
හමුවුණොත් අපි හැදින ගන්නට
හැකිද අම්මේ මට සිතෙයි
කටුක දිවි මග සුමට කෙරුමට
නුඹ හෙළු දහඩිය පොදී
මතින් පිබිදෙන විටදි පොඩි ගස්
නොදැක ඒ හැඩ නුඹ නිදී
ගංගොඩේ දුව පැනපු මතකය
එල්ලිලා නුඹෙ ඇඟිල්ලේ
මිහිඳුමක් සේ ගලාවිත්
බණ අහද්දිත් හිත ඉගිල්ලේ
නිවන බෝ දුර නොවේවායයි
අවසනේ පැතුවත් හදින්
ගමන තුල යළි හමුනොවේයැයි
නොසිතමී අප කිසි ලෙසින්
යළිත් දවසක හමුව පෙර සේ
සසර මග මව් පුතු පෙමින්
අම්මෙ කිය කිය ඇවිද එන්නම්
සිඹිනවද මගෙ හිස සෙමින්