මතක පොත වසමි..🌹🌹🌹
සමන් ගිරි හිසට දිනිසුරු වැඩි
දිනක..!
"රුවන් මිණ "ලෙසින් පෙරඹර දිසි ගමක....!
ගිමන් හැර යනෙන දරුකැල පිං බිමක....!
සුසුම් පවන් රැල්ලක දැවටෙන මතක ....!
වසර ගනන් ගෙවුනා විදු සෙවන තුල..!
සසර බැමි අතැර ගුරු ,සිසු බැඳුම
හල..!
පවර ගුණ පිරුණු "කුමරුන් "සුසැදි හෙළ..!
කවර සතුටක්ද විදු මව පතල
කල...!
ශතක සහස් වසරක අභිමාන
පෙරා ..!
විටෙක කිතු ගොසකි දරුවන් අතර දරා...!
මිටක හල කුරුළු පැටවුන් හදින් වරා..!
මතක පොත වසමි දෙනුවන කඳුළු දරා...!
දිනෙක ආරවුල් විසඳා කෙරූ
පෙම..!
යනෙන මග කියා පාරෙහි තැබූ
ඉම..!
පතන යහගුණය හදතුල පිරූ
හැම...!
සිතෙන විට පුදුම ගෙනදෙයි ඉබේටම..!
සසර පෙර පුරුදු විලසකි
හමුවීම..!
නොහැර වගවීම් යුතුකම් පෙරසේම...!
අතැර යන දිනෙක දරුවන් සුවසේම...!
"කුමර මව දිනේවා !"ලොව
හැමදාම...!
30.03.2025
දිනක..!
"රුවන් මිණ "ලෙසින් පෙරඹර දිසි ගමක....!
ගිමන් හැර යනෙන දරුකැල පිං බිමක....!
සුසුම් පවන් රැල්ලක දැවටෙන මතක ....!
වසර ගනන් ගෙවුනා විදු සෙවන තුල..!
සසර බැමි අතැර ගුරු ,සිසු බැඳුම
හල..!
පවර ගුණ පිරුණු "කුමරුන් "සුසැදි හෙළ..!
කවර සතුටක්ද විදු මව පතල
කල...!
ශතක සහස් වසරක අභිමාන
පෙරා ..!
විටෙක කිතු ගොසකි දරුවන් අතර දරා...!
මිටක හල කුරුළු පැටවුන් හදින් වරා..!
මතක පොත වසමි දෙනුවන කඳුළු දරා...!
දිනෙක ආරවුල් විසඳා කෙරූ
පෙම..!
යනෙන මග කියා පාරෙහි තැබූ
ඉම..!
පතන යහගුණය හදතුල පිරූ
හැම...!
සිතෙන විට පුදුම ගෙනදෙයි ඉබේටම..!
සසර පෙර පුරුදු විලසකි
හමුවීම..!
නොහැර වගවීම් යුතුකම් පෙරසේම...!
අතැර යන දිනෙක දරුවන් සුවසේම...!
"කුමර මව දිනේවා !"ලොව
හැමදාම...!
30.03.2025