නීතීඥ නීල් ගුණසේකර - කොළඹ

2025 අප්‍රේල් කලාපය

මතක

ඇවිත් යන සද එලිය
දියේ මල් උපද්දයි
විලේ දිය කලත්තයි
හිතේ දුක් අවුස්සයි

ගං දියේ ගසා ගිය
මතක දුක් කම්කටොළු
හිත් මෝය කට ගාව
ඇස කඳුඵ අවුස්සයි

අද පාන්දර පුතේ
ඇවිත් හීනෙන් වගේ
ඔඛ ඇවිත් අතගෑව
මතක කන්දක් තිබේ

සංසාර මග දිගේ
යද්දී හමුවුණු පුතේ
නිල්වලා ගඟ නැතත්
ගංවතුර එයි පුතේ


2025 මාර්තු හතර
View Poem