නිරෝෂිනී අනුරුද්ධිකා පැරිස් නුවර

2021 ජුනි කලාපය

මට නොදැනිම මගේ හිතම දුරු රට යනවා

ඈත මෑත දුටු දසුනේ සිත පැටලෙනවා
නිල් දිය රැලි පෙළ අතරේ පැතුම් මවනවා
නෙතේ කොනේ රැඳුණු බැල්ම දිස්නෙ ගලනවා
මට නොදැනිම මගේ හිතම දුරු රට යනවා

තුරු හෙවනේ සිසිල මතක සුවඳ මවනවා
සිනා තොටක ඒ උණුහුම වචන හදනවා
කෙහෙරැල්ලෙන් නළලත මත හාදු තියනවා
පළිඟු මැණික් පිරි දෑසට හිත රැවටෙනවා

යුග යුග මතකය ගෙවිලා වියපත් වෙනවා
ඔබේ සුවඳ ගුණ යහමින් සිසිල සදනවා
දූ දරුවන් අතරින් ඒ එළිය පේනවා
ඔබේ තුරුලෙ හැංගි ඒ රසය විඳිනවා
View Poem