මුදිතා ඩයස් කොට්ටාව

2025 අගෝස්තු කලාපය

මටත් හිතුනෙම වන අලියෙක් වෙන්න.....

මටත් හිතුනෙම
වන අලියෙක් වෙන්න
එතකොට මටත් පුලුවන්
ඉක්මනටම මැරෙන්න..
දරන්න බැරි දුක හංගගෙන
මැරෙන්න බෑ පණපිටින් තවත් මට..

භාතිය නෙතින් වගුරපු
කදුළු ගග දැක්කම
ගාම්භීර සද්දන්ත
පපු ඇතුලේ හැංගුන
දුක කදු ගණන් ඇති ඇත්තු උනත්
කාටවත් නොපෙන්නුව..

හිතක් පපුවක් නැති ගානට
අනින කොට පපු සිදුරු කර
දරාගත්තත් හිත හයියකර
අතහරින්නෙ බැරිම තැන
හිතින් ගිය පසු හුගක් දුර
අතින් අල්ලා නවත්වන්නෙ කොහොමද

Photo Credit; Geranimo
View Poem