මඟ හැලුන අයෝමය ප්‍රේමය
අතට අසුවෙනා යස තර අඟනුන්ට
කවට කම් කරන්නේ මහතුනි කුමට
දුකට සැපට පාරයි තාරයි ලෙසට
යසට ගැලපෙනා අඟනක් විය මෙමට
ඩක ඩක ගගා මම මඟ ගාටන කලට
දුක දැක දැකම එල්ලී ආවේ ලගට
මක මක මඟ තොටේ නෙක පැල්ලම් යසට
මොකවත් දුකක් කීවේ නෑ ඈ ලොවට
කයිවාරුවක් නොව මකියනා වචන දෙක
බොයිලේරුවයි සහකාරිය මැකුව දුක
දයියා දමා ඈ වට ගිනි නැගෙනු දැක
උයියා කියා හැඬුවේ කළු බැරල් ටික
සල්ලන් වෙච්ච වලවල් මඟ එක දිගට
මැල්ලුන් දමා වැහුවේ නෑ හොරකමට
ඉල්ලන් සොයා ගැරුවේ නෑ බිය පවට
මැම්බර් ආවේ අපි කල පූරුවෙ පවට
ඉබි ගමනටත් අන්තයි මගේ ගමන් කියා
නොබියව දහස් පාවෝ මඟ හරස් ගියා
අබිමන් වදන් තැන තැන පුවරුවේ ලියා
නව මන් තනන්නෝ අප මඟ දමා ගියා
අහස ගුගුරවා හෙණ වදිනා කලට
නිවස කොනේ නාරස්සන එයි පිලට
පවස නිවූ දිය කල ගෙඩි දැන් කුමට
යසට ටැප් වතුර හමුවෙයි මග දිගට
මං එක තැනක ඈ ඉන්නේ තව දුරක
දැන් නෑ තාර උනු වෙන්නේ මග මෙලක
ඉන්නම් සැගව නොපෙනෙන්නට ලොව කුහක
වන්නම් මොටද ගුනයා අමතක රටක
කවට කම් කරන්නේ මහතුනි කුමට
දුකට සැපට පාරයි තාරයි ලෙසට
යසට ගැලපෙනා අඟනක් විය මෙමට
ඩක ඩක ගගා මම මඟ ගාටන කලට
දුක දැක දැකම එල්ලී ආවේ ලගට
මක මක මඟ තොටේ නෙක පැල්ලම් යසට
මොකවත් දුකක් කීවේ නෑ ඈ ලොවට
කයිවාරුවක් නොව මකියනා වචන දෙක
බොයිලේරුවයි සහකාරිය මැකුව දුක
දයියා දමා ඈ වට ගිනි නැගෙනු දැක
උයියා කියා හැඬුවේ කළු බැරල් ටික
සල්ලන් වෙච්ච වලවල් මඟ එක දිගට
මැල්ලුන් දමා වැහුවේ නෑ හොරකමට
ඉල්ලන් සොයා ගැරුවේ නෑ බිය පවට
මැම්බර් ආවේ අපි කල පූරුවෙ පවට
ඉබි ගමනටත් අන්තයි මගේ ගමන් කියා
නොබියව දහස් පාවෝ මඟ හරස් ගියා
අබිමන් වදන් තැන තැන පුවරුවේ ලියා
නව මන් තනන්නෝ අප මඟ දමා ගියා
අහස ගුගුරවා හෙණ වදිනා කලට
නිවස කොනේ නාරස්සන එයි පිලට
පවස නිවූ දිය කල ගෙඩි දැන් කුමට
යසට ටැප් වතුර හමුවෙයි මග දිගට
මං එක තැනක ඈ ඉන්නේ තව දුරක
දැන් නෑ තාර උනු වෙන්නේ මග මෙලක
ඉන්නම් සැගව නොපෙනෙන්නට ලොව කුහක
වන්නම් මොටද ගුනයා අමතක රටක