මගේ ප්‍රේමය ....
සැලෙන පත් දෙසවනේ අද්දර මිහිරි ගී පද ගයද්දී
කුසුම් පෙති මුව මතට වාරුව කොමල හසරැලි නගද්දී
සිහින් නල සකි කොදුරමින් විත් අනෙක රූ සිරි මවද්දී
නොහැගෙනා ලෙස දෙනෙත් වසමින් අනේ ඔබ මග හරිද්දී
දැනෙන සීතල, උණුසුමින් සතපන්න හීනේ දැවටිලා
වල් වැදුණු හද මඩල කිරියෙන් දෝවලා පිරුවට වෙලා
මල් තුහින ඉසිමින් සෙමෙන් විත් ලමැද තුරුලේ සැතපිලා
මැවූ මන්දිර දෙපා අද්දර නොදැනීම මිහිදන්වෙලා
බලා සිටියද කල්පයක් කල් ඇරයුමක් නොලැබෙන නියා
කදුළු බිදුවක කැටි කරන්නෙමි සෙනෙහසේ කවියක් ලියා
සෙමින් නැළවෙන පවන් රැල්ලට සීරුවෙන් එක තැන තියා
කියව ගනු මැන මගේ ප්‍රේමය සුන්දරද කෙතරම් කියා