මගේ නුවර මහනුවර
ගලප ගන්නට වචන මදි වී
හෙමින් පෑරෙන දුක මගේ
ඇතුල් හද ගැඹ දොරවසා මම
හෙමින් ආවෙමි මග දිගේ....
රිදෙයි නුඹ හට කියා බය වී
හෙමින් ඇවිදපු පිං බිමේ
පාට තැවරුනු සුවඳ විහිදුණු
මතක තවමත් ඇත හදේ.......
සුවඳ සුදු මල් වලාකුළු බැමි පසු කරන් විත් මාවතේ
දෙපා නැවතුනි මටම හුරුවූ වැව රවුමෙ ගල් බංකුවේ
තවම එහෙමයි සුවඳ දෙනවා ගැට පිච්ච මල් මාලීගේ
නුවර අහසත් හිනැහුනා මට පෙර පුරුද්දට වගේ
එදා ලඟ සිටි කාත් කවුරුත් නැතත් අද මගෙ ජීවිතේ
ආදරෙයි මං මගේ නුවරට හැමදාම මගෙ පන වගේ♥️