ශාස්ත්‍රපති අජිත් වෙත්තසිංහ

2025 ජුනි කලාපය

මගේ අම්මට...

පිපාසේ ලඟ කලේ පැන්පොද,
අමා දිය බඳු දැනෙනවා...
විඩාවේ ලද පෙලූතැන් හද,
සමාදියකට ගෙනෙනවා...
බවේදිත් මට ඔබේ ලත් සුව,
සදාතන ලෙස පතනවා...
මගේ මව්වර සදා කල්හිම,
ඔබේ ඇසුරට පුදනවා...

ළයේ රත්පැහැ සෙනේ කැන්දුව,
කිරේ සුදුපැහැ විඳි ලොලේ...
හදේ සිව්බඹ විහාරේ සැදු ,
සෙනේහයෙ ඇති තෙද බලේ...
ලොවේ පෑ සුව සැපේදිත් ලඟ,
දුකේ නැහැ අප තනිකළේ...
මගේ අම්මට මගේ අම්මම,
හැරත් සම නැතලොව තුලේ...
View Poem