මගෙ සිත අරන් පිටුපා ඔබ යන්න ඇතී....
හද්දා පාළු මැදියම
පිබිදෙන්න ඇතී
ගිලිහුනු සුරත් බැඳියුරු
සිහිවන්න ඇතී
හද කම්පිතව සුසුමක්
පිටවෙන්න ඇතී
කොපුලත තෙමා කඳුලක්
ගිලිහෙන්න ඇතී...
පියමැන ආ මගේ
වෙහෙසක් දැනෙන්නැතී
කටු තුඩු දහස් ගණනක්
ලය ඇනෙන්නැතී
ස්නේහය ඔසුව වී
පිරියම් කෙරෙන්නැතී
කඳුලක උණුසුමට
දෙහිතක් බැඳෙන්නැතී....
පෙර සංසාරෙ පැතු ලෙස
හමුවන්න ඇතී
හද ගැස්මකට මුහුවී
ලංවෙන්න ඇතී
හුස්මක දුරින් වැතිරී
සැනසෙන්න ඇතී
අනන්තයට එක්වී
පියඹන්න ඇතී....
නෙතකට නෙතක් පැටලී
හිනැහෙන්න ඇතී
හද වෙණ තතක් හඬවා
නැලවෙන්න ඇතී
පණ මෙන් ආදරෙන්
ලංවී ඉන්න ඇතී
හුස්මත් අරන් මේ ලෙස
පිටවෙන්න ඇතී....
පෙරදා මතක තුන් සිත
පාරන්න ඇතී
සංසාරික පෙමත්
දෙවෙනිව යන්න ඇතී
සිහිනෙන් වත් අනුන් සන්තක
වෙන්නෙ නැතී
මගෙ සිත අරන් පිටුපා
ඔබ යන්න ඇතී....
පිබිදෙන්න ඇතී
ගිලිහුනු සුරත් බැඳියුරු
සිහිවන්න ඇතී
හද කම්පිතව සුසුමක්
පිටවෙන්න ඇතී
කොපුලත තෙමා කඳුලක්
ගිලිහෙන්න ඇතී...
පියමැන ආ මගේ
වෙහෙසක් දැනෙන්නැතී
කටු තුඩු දහස් ගණනක්
ලය ඇනෙන්නැතී
ස්නේහය ඔසුව වී
පිරියම් කෙරෙන්නැතී
කඳුලක උණුසුමට
දෙහිතක් බැඳෙන්නැතී....
පෙර සංසාරෙ පැතු ලෙස
හමුවන්න ඇතී
හද ගැස්මකට මුහුවී
ලංවෙන්න ඇතී
හුස්මක දුරින් වැතිරී
සැනසෙන්න ඇතී
අනන්තයට එක්වී
පියඹන්න ඇතී....
නෙතකට නෙතක් පැටලී
හිනැහෙන්න ඇතී
හද වෙණ තතක් හඬවා
නැලවෙන්න ඇතී
පණ මෙන් ආදරෙන්
ලංවී ඉන්න ඇතී
හුස්මත් අරන් මේ ලෙස
පිටවෙන්න ඇතී....
පෙරදා මතක තුන් සිත
පාරන්න ඇතී
සංසාරික පෙමත්
දෙවෙනිව යන්න ඇතී
සිහිනෙන් වත් අනුන් සන්තක
වෙන්නෙ නැතී
මගෙ සිත අරන් පිටුපා
ඔබ යන්න ඇතී....