බොරුව.....
සාමා එන්න
මල් පිපෙන්නේ
කොයිබින් ද බලන්න
චමරි එන්න
මෙන්න මේ රාමුව
අර ගන්න
අමර ඔබට පුළුවන් ද
ඒ මල් සුවඳ
රාමුවේ හිර කරන්න
නයනා ඔබ පහදන්න
සංස්කෘතිය, සදාචාරය
උප සංස්කෘතියට
හිස නවන්න
"අන්න නිල් අහස
ඔබට හැකියි පියඹන්න"
ඒ මොන බොරු කතා ද
සරුංගල් හදන්නෙම
නූල දෙන තරමට
පා වෙන්න.....
මල් පිපෙන්නේ
කොයිබින් ද බලන්න
චමරි එන්න
මෙන්න මේ රාමුව
අර ගන්න
අමර ඔබට පුළුවන් ද
ඒ මල් සුවඳ
රාමුවේ හිර කරන්න
නයනා ඔබ පහදන්න
සංස්කෘතිය, සදාචාරය
උප සංස්කෘතියට
හිස නවන්න
"අන්න නිල් අහස
ඔබට හැකියි පියඹන්න"
ඒ මොන බොරු කතා ද
සරුංගල් හදන්නෙම
නූල දෙන තරමට
පා වෙන්න.....