බිම්බා දේවියගෙන් අසමි.....
බිම්බා දේවියනි ඔබ හිත තුල තිබූ සවිය
අදහනු නොහැක කෙලෙසින් වැඩූනේ වීරිය
සගවා කදුළු කැට නොදැනෙන ලෙස සිටිය
කෙලෙසද ඉතින් හිරකර ගත්තේ ඉකිය
සසරේ පුරාවට හිමි සමගින් සැරි සැරුව
කතරේ දිය පොදක් සේ නිති සෙනෙහස පිදුව
සසරේ දුක මුදනු ලෙස හිමි පිටමං කෙරුව
ඇසුරේ පුතුන් පමණද තම සිතුවිලි මැරුව
සෙනෙහස නිසා හිත ඇති වූ බැදුම් නිසා
දුක බව දැනුණු කල කෙලෙසින් කදුල වසා
හිත නම් වෙඩරුමය මගෙ හිමි ඉදිරියේ නිසා
මමනම් හඩනු ඇත ඉකියෙන් ලොවම වසා
පුංචිම දෙයට වුව නෙත කදුලින් පිරුණු
නොසිතු ලෙසින් මදකුත් සෙනෙහස බිදුණු
උදයේ දකින කල මගේ රතු නෙත් වල රැදුණු
කදුළේ ලකුණු ඇත තිස් පැය නිදි වැරුණු
කල්පයක් කාලයක් පෙම් කලත් හදවතින්
දැසමානේ නැතුව කුමන සැපතක් ඉතින්
සියලු කෙලෙසුන් නසා වඩින කල කහවතින්
කෙලෙසකින් සිටියාද පුතු යවා පෙර ගමන්
බැදුමන් නිසා හිත ඇතිවන අමිල සෙනේ
අබිමන් වුනත් බිදුමෙන් හිත දුකක් දැනේ
දිරිමත් දුලබ අගනුන් ලොව ඇතත් අනේ
සිරිමත් බිම්බාව ඔබ මැණිකකි ඉහල ගනේ
07/02/2022
අදහනු නොහැක කෙලෙසින් වැඩූනේ වීරිය
සගවා කදුළු කැට නොදැනෙන ලෙස සිටිය
කෙලෙසද ඉතින් හිරකර ගත්තේ ඉකිය
සසරේ පුරාවට හිමි සමගින් සැරි සැරුව
කතරේ දිය පොදක් සේ නිති සෙනෙහස පිදුව
සසරේ දුක මුදනු ලෙස හිමි පිටමං කෙරුව
ඇසුරේ පුතුන් පමණද තම සිතුවිලි මැරුව
සෙනෙහස නිසා හිත ඇති වූ බැදුම් නිසා
දුක බව දැනුණු කල කෙලෙසින් කදුල වසා
හිත නම් වෙඩරුමය මගෙ හිමි ඉදිරියේ නිසා
මමනම් හඩනු ඇත ඉකියෙන් ලොවම වසා
පුංචිම දෙයට වුව නෙත කදුලින් පිරුණු
නොසිතු ලෙසින් මදකුත් සෙනෙහස බිදුණු
උදයේ දකින කල මගේ රතු නෙත් වල රැදුණු
කදුළේ ලකුණු ඇත තිස් පැය නිදි වැරුණු
කල්පයක් කාලයක් පෙම් කලත් හදවතින්
දැසමානේ නැතුව කුමන සැපතක් ඉතින්
සියලු කෙලෙසුන් නසා වඩින කල කහවතින්
කෙලෙසකින් සිටියාද පුතු යවා පෙර ගමන්
බැදුමන් නිසා හිත ඇතිවන අමිල සෙනේ
අබිමන් වුනත් බිදුමෙන් හිත දුකක් දැනේ
දිරිමත් දුලබ අගනුන් ලොව ඇතත් අනේ
සිරිමත් බිම්බාව ඔබ මැණිකකි ඉහල ගනේ
07/02/2022