බැහැ යළි පෙම්වතෙකු වන්න
සුසානයක මල් පිපුණට
බැහැ මල් උයනක් කියන්න
පෙති ගිලිහුණු මල් නටුවක
නැහැ මල් සුවඳක් විඳින්න
ඇය ගෙන ගිය මගෙ හදවත
බැහැ මට ආපසු ගෙනෙන්න
මං තනිකඩ වී උන්නට
බැහැ යළි පෙම්වතෙකු වන්න
ඇගෙ පිය සටහන් පමණකි
මගෙ සිත් අසපුව පිරෙන්න
ඒ සටහන් බැහැ කිසිදා
නුඹේ ඔය කඳුළින් මකන්න
තනිමංසල තනිවුණු මට
නැහැ තව වැඩි දුරක් යන්න
ඒ මහමග නුඹ තනිකර
බැහැ දවසක වෙන්ව යන්න
කැමතියි මම හැමදාමත්
නුඹේ ඇදුරිඳු වී හිඳින්න
එනමුදු ඔය කඳුළු ගඟට
ඉඩදෙනු බැහැ තව ගලන්න
අප හමුවුණු සරසවි බිම
බැරිමුත් අමතක කරන්න
නුඹ හමුවන සරසවියට
බැහැ මට හෙට පිය නගන්න
බැහැ මල් උයනක් කියන්න
පෙති ගිලිහුණු මල් නටුවක
නැහැ මල් සුවඳක් විඳින්න
ඇය ගෙන ගිය මගෙ හදවත
බැහැ මට ආපසු ගෙනෙන්න
මං තනිකඩ වී උන්නට
බැහැ යළි පෙම්වතෙකු වන්න
ඇගෙ පිය සටහන් පමණකි
මගෙ සිත් අසපුව පිරෙන්න
ඒ සටහන් බැහැ කිසිදා
නුඹේ ඔය කඳුළින් මකන්න
තනිමංසල තනිවුණු මට
නැහැ තව වැඩි දුරක් යන්න
ඒ මහමග නුඹ තනිකර
බැහැ දවසක වෙන්ව යන්න
කැමතියි මම හැමදාමත්
නුඹේ ඇදුරිඳු වී හිඳින්න
එනමුදු ඔය කඳුළු ගඟට
ඉඩදෙනු බැහැ තව ගලන්න
අප හමුවුණු සරසවි බිම
බැරිමුත් අමතක කරන්න
නුඹ හමුවන සරසවියට
බැහැ මට හෙට පිය නගන්න