මංගලා රත්නායක වැලිමඩ

2025 මැයි කලාපය

බත් කට කෑවේ අපි එක හැලියක ඉදුණූ...

සොයුර සොයුරියන් එක්කලා එකට හැදුණූ
අම්මගෙ තාත්තගෙ සෙනෙහස සමගින් බැඳුණූ
සමහර වෙලාවල් තිබුනාට හිත් රිදුණූ
බත් කට කෑවේ අපි එක හැලියක ඉදුණූ

සුමිහිරි මතක තිබුණත් හිත තුල නිතර
සමහර විටෙක ගුටි ඇනගෙන විය දබර
නැවතත් යාළු වී උන්නා අපි මිතුර
හරි සුන්දරයි කාලය ගෙව් මහ ගෙදර

ගෙදර දොරේ ඇති වැඩපල මඟ හරින
මවත් එක්ක කියමින් අක්කලා බනින
එය නම් මුසාවකි හුරතලයට රවන
බඩ පිස්සිය මමයි පවුලේ මේ කියන
View Poem